ජනපතිවරණය නිසා රජයේ මුද්‍රණාලයට තවත් වැඩ

ජනපතිවරණය නිසා රජයේ මුද්‍රණාලයට තවත් වැඩ

ඡන්ද පත්‍රිකාවලට අමතරව මැතිවරණය සඳහා විවිධ කාර්යයන් 200ක් පමණ වෙනුවෙන් විශේෂ මුද්‍රණ කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත රජයේ මුද්‍රණාලය වෙත පැවරෙන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.

මේ අනුව ඉදිරි සති කිහිපය තුළ මැතිවරණ කටයුතු සඳහා වන මුද්‍රණ කටයුතු වෙනුවෙන් රජයේ මුද්‍රණාලය පැය 24ක කාලය තුළම සුදානමින් පසුවන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මුද්‍රණය සඳහා අවශ්‍ය වන කඩදාසි තොග ද මේ වන විට ගෙන්වා ඇති බව සඳහන්.

Share This