ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරගැනීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වැනිදා ඒවා රට පුරා බෙදාහැරීමට සූදානම් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා සඳහන් කළේ 22000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය ඒ සඳහා සූදානමින් සිටින බවයි.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ඇති ප්‍රාදේශීය තැපැල් කාර්යාල අධීක්ෂණ කටයුතු හා නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ලබන සැප්තැම්බර් 02 වැනි දින තැපැල් ඡන්ද ඇතුළත් රක්ෂිත පැකට්ටු තැපෑලට භාරගන්නා බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කර සිටියා.

Share This