ජනාධිපති අනුර සහ ජපන් අග්‍රාමාත්‍යවරයා අතර හමුවේදී  ද්විපාර්ශ්වික එකඟතා රැසක්

ජනාධිපති අනුර සහ ජපන් අග්‍රාමාත්‍යවරයා අතර හමුවේදී ද්විපාර්ශ්වික එකඟතා රැසක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපාන අග්‍රාමාතය ඉෂිබා ෂිගේරු මහතා යටෝකියයෝ නුවරදී මුණ ගැසී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය පැවසුවේ එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් දෙරට අතර ස්ථාපිත කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීර්ණ හවුල්කාරිත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථිකය, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ඇති අරමුණ පිළිබඳව නැවත තහවුරු කළ බවයි.

ජාත්‍යත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන (IMF) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රති ව්‍යූහගත කිරීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව අගමැති ඉෂිබා මහතා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකායේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයයෝගය දක්වන බව යළි අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, නිල ණය හිමි කමිටුවේ සම සභාපතිවරයයකු ලෙස ජපානය ලබා දුන් නායකත්වයට හා මේ වසරේ මාර්තු මාසයේදී නිල ණය හිමි කමිටුවේ සාමාජික රටක් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රති ව්‍යූහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ පළමු නිල ණයහිමි කමිටුවේ සාමාජිකයා ජපානය වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්තුතිය පළ කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන යටතේ විවිධ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයින් ගේ විශ්වාසය තවදුරටත් යථා තත්ත්වයට පත් වන බවට දෙපාර්ශ්වයම පිළිගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ණය තිරසරභාවය සහ විනිවිදභාවය සැලකිල්ලට ගනිමින් විදේශ ණය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළ බවයි.

කුඩා පරිමාණ කිරි ගොවීන් ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිරි අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයේ ප්‍රදාන ආධාර සම්බන්ධ‍යෙන් වන හුවමාරු පත්‍ර අත්සන් කිරීම සහ හුවමාරු කර ගැනීම සදහා දෙපර්ශ්වයේ එකගතාවට එළඹ තිබෙනවා.

මෙම සාකච්ඡාවල දී තීරණය කර ඇත්තේ “අපනයන-පදනම් කරගත් කාර්මික කොරිඩෝවක් ගොඩනැගීම” පිළිබඳ සංකල්පීය සැලැස්ම මත පදනම්ව ජපන් ආයෝජන සමඟ අපනයනය ශක්තිමත් කිරීමට සහ වැඩි දියුණු කිරීමට ඇති ක්‍රම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටයි.

Share This