ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් ගණන 10 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් ගණන 10 දක්වා ඉහළට

ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01) දිනයේ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයෙකු ලෙස කේ.කේ. පියදාස මහතා, එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා සහ රුහුණු ජනතා පෙරමුණ සඳහා අජන්ත ද සොයිසා මහතා අද මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.

මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයින් 10 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.

Share This