ජපන් ආක්‍රමණිකයන්‍ සිදු කළ නන්ජිං සංහාරයේ වින්දිතයන් සිහි කෙරේ

ජපන් ආක්‍රමණිකයන්‍ සිදු කළ නන්ජිං සංහාරයේ වින්දිතයන් සිහි කෙරේ

ජපන් ආක්‍රමණිකයන්‍ චීනයේ නන්ජිං නගරය ආශ්‍රිතව සිදු කළ ජන සංහාරයේ වින්දිතයන් සැමරීමේ ජාතික අනුස්මරණ දිනය අදට(13) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අද පෙරවරු 8ට ජපන් ආක්‍රමණිකයන්‍ සිදු කළ නන්ජිං සංහාරයේ වින්දිතයන් අනුස්මරණ ශාලාව පිහිටි චතුරස්‍රයේ දී ජාතික ධජය එසවීමේ හා අඩකුඹ කිරීමේ උත්සවය පැවැත්වුණේ, අමුත්තන් ‍රැසකගේ සහභාගීත්වයෙන්.

1937 වසරේ දෙසැම්බර් මස 13 වනදා නන්ජිං සමූල ඝාතනය සිදු වූ අතර ඉන් චීන ජාතිකයින් ලක්ෂ 3ක් පමණ කෲර ලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

අනතුරුව නන්ජිං සංහාරයේ වින්දිතයන් සැමරීමේ ජාතික අනුස්මරණ දිනය ලෙස දෙසැම්බර් මස 13 වනදා නිල වශයෙන් නම් කෙරුණේ 2014 වසරේදීයි.

මෙහි ජාතික උත්සවය අද පෙරවරු 10ට නන්ජිං නගරයේ පිහිටි විශේෂ අනුස්මරණ ශාලාවේදී ආරම්භ වුණා.

එමෙන්ම මෙම ශෝකජනක දිනය සිහිපත් කරමින් නන්ජිං නගරයේ එක් එක් දිස්ත්‍රික්කයන්හි ජනතාව, ජපන් ආක්‍රමණයට එරෙහි යුද අනුස්මරණ ශාලා හා කෞතුගාකාර මෙන්ම විදෙස්ගත චීන ජාතීන්ගේ සංගම් ද ‍අනුස්මරණ ක්‍රියාකාරකම් පවත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

Share This