ජපාන භූමිකම්පාවෙන් 250කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්

ජපාන භූමිකම්පාවෙන් 250කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්

ජපානයේ සිදුවූ භූමිකම්පාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් 242 දෙනෙකු පමණ පිරිසක් සොයා ගැනීමට සහන කණ්ඩායම් යුහුසුළු වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

භූමිකම්පාව ඇතිවීමෙන් පසු අතුරුදන්වූවන් සොයා ගැනීම සඳහා ගත වූ පැය 72 ක තීරණාත්මක කාලය අවසන්ව ඇති බවයි පැවසෙන්නේ

රික්ටර් පරිමාණයේ 7.6 ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගියා

ජපානයේ ස්වයං-ආරක්ෂක බලකායන් ගලවා ගැනීමේ සහ සහන සඳහා යොදවා ඇති භටයින් සංඛ්‍යාව 4,600 දක්වා ඉහළ දමා තිබෙනවා

බොහෝ මිනිසුන් ඔවුන්ගේ කඩා වැටුණු නිවාස යට සිරවී සිටින බවයි විශ්වාසය පළ කෙරෙන්නේ

දස දහස් ගණනක් නිවැසියන් තවමත් විදුලිය හා ජලය නොමැතිව සිටින අතර, නායයෑම් සහ අවහිර වූ මාර්ග හේතුවෙන් ජනතාවට උපකාර ලබා ගැනීම අසීරු වී ඇති බවද සඳහන්

Share This