ජපානයේ “Moon Sniper” දියත් කිරීම සාර්ථක වෙයි

ජපානයේ “Moon Sniper” දියත් කිරීම සාර්ථක වෙයි

“Moon Sniper” චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම අද (07) සාර්ථක වූ බව ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා

අයහපත් කාලගුණය හේතුවෙන් තෙවතාවක් “Moon Sniper” දියත් කිරීම කල් දැමුණා

“Moon Sniper” ලෙස නම් කර ඇති අභ්‍යවකාශ යානයේ ගොඩබෑම, සාර්ථකව සිදුවුවහොත් පෙබරවාරි මාසයේදී සඳ මත ගොඩබෑමකට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

මෙය සාර්ථකව සිදුවුවහොත් එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත ගොඩ බැස්ස පස්වන රට බවට ජපානය පත්වනු ඇති

මීට සති දෙකකට පෙර ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වීමත් සමග ඉතිහාසගත වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා

ජපන් අභ්‍යවකාශ යානය සඳට ආසන්න පැත්තේ ෂියෝලි ආවාටය අසල ස්ථානයක සිට මීටර් 100 ක් ඇතුළත ගොඩබැස්වීමට සැලසුම් කර තිබෙනවා

එය මාස හතරක් ඇතුළත සඳ කක්ෂයට ඇතුළු වීමට නියමිතයි.

“Moon Sniper” පෙබරවාරි මාසයේ ගොඩබෑමට උත්සාහ කිරීමට පෙර එය මාසයක කාලයක් සඳ වටා ගමන් කරනු ඇති බවයි පැවසෙන්නේ

 

Share This