
ජපානයේ කම්හලක පිපිරීමක්
ජපානයේ මෝටර් රථ අමතර කොටස් කම්හලක පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පිපිරීමෙන් එම කම්හලේ ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමත් සමග එහි ගින්නක් ද හටගෙන ඇති බව සඳහන්.
මෙම සිදුවීමට හේතුව සොයා එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.