ජපානයේ සහ ඕස්ට්‍රෙලියාවේ සහයත් රැගෙන පැමිණි පිරිස

ජපානයේ සහ ඕස්ට්‍රෙලියාවේ සහයත් රැගෙන පැමිණි පිරිස

ජපානයෙන් තවත් ආධාර තොගයක් සමඟ 27 දෙනෙකුගෙන් යුත් ආපදා සහන සේවා වෛද්‍ය කණ්ඩායමක් රැගත් ගුවන් යානයක්ද මේ වනවිට මෙරටට ළඟාවී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහයෝගය පළ කරමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද කූඩාරම් 200, බ්ලැන්කට් 200, ජල බහාලුම් 200ක්, ජල පිරිපහදු යන්ත්‍ර 10ක් හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදුන්නා.

සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අමතර මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ යනු ඇති.

Share This