ජර්මනිය දෙකඩ කළ බර්ලින් තාප්පයේ බිඳවැටීම සමරන දිනය අදයි

ජර්මනිය දෙකඩ කළ බර්ලින් තාප්පයේ බිඳවැටීම සමරන දිනය අදයි

ලෝක නිදහස් දිනය හෙවත් World Freedom Day නොවැම්බර් 9 වන දින සමරනු ලබන ෆෙඩරල් නිවාඩු දිනයක් වනවා.

1989 දී බර්ලින් තාප්පය අහෝසි කරන ලද ඉතිහාසයේ වැදගත් සිදුවීම සිදු වූයේ නොවැම්බර් 09 වනදා බවයි ලෝක ඉතිහාසයේ සඳහන් වන්නේ.

බර්ලින් තාප්පය නිසා දශක තුනකට ආසන්න කාලයක් පවුල් සහ ප්‍රජාවන් වෙන්වී සිටියා.

අද එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ නැගීම සහ නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදයේ පසුබෑම සනිටුහන් කරන බවයි දැක්වෙන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්ලින් තාප්පය බිඳ වැටීම සැමරීම සඳහා ලෝක නිදහස් දිනය නම් කර තිබෙනවා.

තාප්පය අහෝසි කිරීම නියෝජනය කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම ඉතා වැදගත් කරුණක්.

එය සැමට නිදහස සහතික කරමින් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපය පුරා කොමියුනිස්ට්වාදයේ අවසානය සනිටුහන් කිරීමට කටයුතු කළා.

මෙම නිවාඩු දිනය 2001 දී ජනාධිපති George W. Bush විසින් ෆෙඩරල් සැමරීමක් ලෙස නම් කර බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජර්මනිය නැගෙනහිර සහ බටහිර ජර්මනිය ලෙස බෙදී ගියා.

බටහිර ජර්මනිය ඇමරිකානුවන්, ප්‍රංශ ජාතිකයන් විසින් අල්ලා ගන්නා ලද අතර බ්‍රිතාන්‍ය සහ නැගෙනහිර ජර්මනිය සෝවියට්-ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය බවට පත්වුණා.

1949 දී නැගෙනහිර ජර්මනිය ස්වාධීන රටක් වූ අතර බර්ලින් නගරය සෝවියට් පාලනය යටතේ පවතින ජර්මනියේ කොටසක් බවට පත් වූ බව සඳහන්.

ඒ අනුව නැගෙනහිර බර්ලිනයේ සිට බටහිර බර්ලිනයට සහ බටහිර යුරෝපයේ සෙසු ප්‍රදේශවලට මිනිසුන් සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා පවුරක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම 1961 සිට 1989 දක්වා පුද්ගලයන් 5,000ක් පමණ බර්ලින් තාප්පය හරහා පළාගොස් තිබෙනවා.

පසුව 1989 දී, නැඟෙනහිර ජර්මනියේ සංචාරක සීමාවන් ලිහිල් වූ අතර, දහස් ගණනක් ජනයා නොඉවසිලිමත් ලෙස තාප්පයට නැඟීමට සහ ආයුධවලින් තාප්පයට පහර දීමට පටන්ගෙන තිබෙනවා.

ඒ නිසා බර්ලින් තාප්පය ටිකෙන් ටික දුර්වල වී ඇති අතර 1989 නොවැම්බර් 9 වන තාප්පය සම්පුර්ණයෙන්ම දින කඩා වැටීමට ලක්වුණා.

ඒ අනුව වසරකට පසුව ජර්මනිය නැවතත් තනි රටක් බවට පත්වූ අතර මෙම අවස්ථාව සැමරීමට නොවැම්බර් 09 ලෝක නිදහස් දිනය ලෙස නම් කල බවයි ලෝක ඉතිහාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This