ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි – ගුවන් ගමන් 90ක් අවලංගු කෙරේ

ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි – ගුවන් ගමන් 90ක් අවලංගු කෙරේ

ජර්මනියේ ගුවන් තොටුපළක ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් 90ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ගුවන් ගමන් 23ක් හරවා යවා ඇති බව සඳහන්.

කුණාටු තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 350 පමණ ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගස් 17කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ගුවන් තොටුපළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මගීන්ට බාධා මතුව ඇති අතර උතුරු රයින්-වෙස්ට්ෆාලියා කලාපයේ Gelsenkirchen සහ අනෙකුත් ප්‍රදේශවලටද කුණාටුවේ බලපෑම් එල්ල වී තිබෙනවා

Share This