
ජර්මනියේ නිල සංචාරය නිම කර ජනපති යලි දිවයිනට පැමිණේ
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද උදෑසන දිවයිනට පැමිණියා.
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් – වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරයට සහභාගී වූ ජනාධිපතිවරයා ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ වෘත්තිකයින් රැසක්ද හමු වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පැමිණියේ අද උදෑසන 08.58ට දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.