ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නීල් වැග්නර්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නීල් වැග්නර්

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

37 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩකයා මෙම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ඔහු ආරම්භක XI කණ්ඩායමේ නොසිටින බව දැනුම්දීමෙන් පසුවයි.

27.57ක සාමාන්‍යයක් සහිතව කඩුලු 260ක් දවාගත් වැග්නර් නවසීලන්තයේ පස්වන වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන බව සඳහන්.

2012දී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ නීල් වැග්නර් මේ දක්වා ටෙස්ට් තරග 64කට සහභාගී වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහි තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා සංචිතයට තේරී පත් වූ වැග්නර් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර වෙලින්ටන්හි දී සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළා.

ඒ නිසා ඔහු ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට පෙර සංචිතයෙන් නිදහස් කිරීමට නියමිතයි.

ඔහුගේ අවසන් තරගය වූයේ මේ මස මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයයි.

Share This