
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඒ බව පවසා තිබුණේ, දිට්වා සුළිකුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම වෙනුවෙන් සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන රැස්කරමින් මුදල් අමත්‍යංශය සංවිධාන කර තිබූ රුස්වීමක් අතරතුරදීයි.
මෙම රැස්වීමට එක්ව සිටි විදෙස් තානාපතිවරුන්ගෙන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් රාජ්‍ය නිලධාරීන් ඉල්ලා ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා ජාත්‍යන්තරයේ රටවල් දිරිමත් කර මෙරටට සංචාරකයින් වැඩි පිරිසක් යොමුකරන ලෙසයි.
