ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම ජනපති යයි

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම ජනපති යයි

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට (BBNJ) 60 වන සාමාජික රටත් එක් වීම සමරනු වස් පැවති උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වුණා.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිව්ධත්ව සංරක්ෂණ සහ තිරසර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන් ගෙ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාල සාමාජිකත්වයට රටවල් 60 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කරන ලද උත්සවයක් පසුගිය 25 වැනිදා නිව්යෝක් නුවරදී පැවැත් වුණා.

ප්‍රංශ ජනාධිපති එමෑනුවල් මැක්‍රොන් ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයින් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට එහි සාමාජික රටක් වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වී තිබෙනවා.

එම ගිවිසුමට එළැඹි 58 වන සාමාජික රට ලෙස ශ්‍රී ලංකාව එක් වූ අතර පසුගිය 25 වැනිදා එහි සමාජිකත්වය ලබාගෙන තිබුණා.

දශක දෙකක සාකච්ඡාවලින් පසුව ,ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබද ගිවිසුම ලෙස හැදින්වෙන මෙම ගිවිසුමට මේ වන විට රටවල් 60 ක් අත්සන් කර ඇති අතර එය එම ගිවිසුම බලාත්මක වීමට හේතු වී තිබෙනවා.

ලෝකයේ සාගර වලින් 2/3 ක් ආවරණය වන මෙම ගිවිසුමෙන් සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ,තිරසර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට අදාල ගිවිසුමෙන් කටයුතු කෙරෙනු ඇති.

එම ගිවිසුම 2026 වසරේ ජනවාරි 17 සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි.

Share This