ජීවිත හයක් බිලි ගත් ‘පාලම් පාරුව වෙනුවට ‘ ලැබුණු විකල්පය (PHOTOS)

ජීවිත හයක් බිලි ගත් ‘පාලම් පාරුව වෙනුවට ‘ ලැබුණු විකල්පය (PHOTOS)

කින්නියා කුරිඤ්ඤන්කර්නි පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් වන තෙක් මගීන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් යාත්‍රාවක් යොදවා තිබෙනවා.

මෙම යාත්‍රාව මගින් එකවර මගීන් විසි පස් දෙනෙකු ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති අතර යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ද නාවික හමුදාව විසින් ඉදිකර ඇති බව වාර්තා වනවා.

මෙම ස්ථානයේ සිට ගමන් ගත් පාලම් පාරුවක් පෙරලී පසුගිය දා ජීවිත හයක් අහිමි වුණා.

නාවික හමුදා යාත්‍රාවෙන් මගීන් ප්‍රවාහනය කරන අයුරු පහතින් දැක්වෙනවා.

Share This