
ජෛව විවිධත්වයට බලපෑමක් ඇති ආක්‍රමණශීලි ශාක හා ජීව විශේෂයන් ගැන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරෙයි
මෙරට ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල කරන ආක්‍රමණශීලි ශාක හා ජීව ශේෂයන් මර්දනය හා කළමනාකරණය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.
ඒ අනුව තෙත් කලාපීය ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු කරන ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා (Mimosa Pigra) ශාකය සහ අනෙකුත් ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂයන් මර්ධනය හා කළමනාකරණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (21) පරිසර අමාත්‍යාංශයේ දී පවත්වා ඇති බව සඳහන්.
වැඩසටහනේ පළමු අදියර පවත්වා ඇත්තේ, ජෛව විවිධත්ව අංශයේ නිලධාරීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන්.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස ආක්‍රමණශීලී ආගන්තුක ශාක හා ජීවී විශේෂයන්හි පැතිරීම හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වන යෝධ නිදිකුම්බා ශාකය පැතිරීම නිසා තෙත් බිම් ආශ්රිත පරිසර පද්ධතීන් මෙන්ම, කෘෂිකාර්මික පරිසර පද්ධතීන් තර්ජනයට ලක්ව ඇති බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.
මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගෙන පළමුව කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා, පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදි සංවිධානය කර ඇති බව සඳහන්.
මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී ආක්‍රමණශීලී ශාක හා ජීවී විශේෂයන් මර්දනය කිරීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.