ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්

ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු මාධ්‍ය මේ බව වාර්තා කළේ බයිඩන්ගේ කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි.

මේ වනවිට අස්ථි දක්වා පැතිරී ඇති බවත්, ඉතාමත් ආක්‍රමණශීලී ආකාරයෙන් පැතිරි ඇත අතර එය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ පිරිස විසින් බයිඩන්ව අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් රෝගී තත්ත්වය කළමනාකරණය කළ හැකි බවත් ඔහුගේ කාර්යාලය තවදුරටත් පවසා ඇත.

Share This