ටයිටැනික් ආසන්නයෙන් “ටයිටන්”හි කොටස් සොයාගනී

ටයිටැනික් ආසන්නයෙන් “ටයිටන්”හි කොටස් සොයාගනී

සමස්ත ලෝකයෙහිම අවධානය යොමුව ඇති “ටයිටන්” සබ්මැරීනයේ කොටස් කිහිපයක් මුහුදුබත්වී ඇති ටයිටැනික් නැව ආසන්නයෙන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ටයිටන් සබ්මැරීනයේ ගොඩබෑමේ කොටසක් (Landing frame) සහ පිටුපස කොටසක් (Rear Cover) මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

සබ්මැරීනයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් සොයාගත් බවට මීට පැය කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළද ඒ පිලිබඳ තහවුරු කිරීමක් සිදු නොවූ බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ.

නමුත් මේ වන විට ඒ බව තහවුරු කරමින් විදෙස් මාධ්‍ය විශේෂ පුවතක් ලෙස එම කාරණය අනාවරණය කරමින් පවතිනවා.

Share This