ට්‍රම්ප්ගේ තීරු බදු පිළිවෙත එළිදැක්වීමෙන් පසුව ඔස්ට්‍රේලියා අගමැති  චීන සංචාරයක

ට්‍රම්ප්ගේ තීරු බදු පිළිවෙත එළිදැක්වීමෙන් පසුව ඔස්ට්‍රේලියා අගමැති චීන සංචාරයක

ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එළඹෙන සති අන්තයේ  චීනයට ගොස් ජනාධිපති ෂී ජින්පින් හමුවී, ඔහු කැන්බරා හි විශාලතම වෙළඳ හවුල්කරුවා සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එම ආරංචි මාර්ග පවසන්නේ බීජිං, ෂැංහයි සහ චෙන්ග්ඩු යන නගර තුන ආවරණය වන පරිදි අගමැතිගේ දින හයක සංචාරයේදී කලාපීය ආරක්ෂාව සහ වෙළඳාම ප්‍රධාන තැනක් ගනු ඇති බවයි.
තම රජය හැකි තැනකදී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි ද, එකඟ නොවිය යුතු තැනදී එකඟ නොවනු ඇතැයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබද අදහස් දක්වමින් පවසා තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” ප්‍රතිපත්ති අනුගමනය කරමින් ලොව පුරා රටවල් වෙත තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක් මෙම ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සිදුවීම කැපී පෙනෙනවා.

මෙම සංචාරය ඇල්බනීස්ගේ චීනයේ දෙවන නිල සංචාරය වන අතර මැයි මාසයේදී ඔහු නැවත තේරී පත්වීමෙන් පසු චීනයේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

ඕස්ට්‍රේලියාවේ මුළු වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ චීනය සතු වන අතර “ඉදිරියේදීම එලෙසම පවතිනු ඇත” යනුවෙන් ඇල්බනීස් මෙම සංචාරයට පෙර පවසනවා.
“චීනයේ සම්බන්ධතාවය යනු ඕස්ට්‍රේලියාවේ රැකියා යන්නයි. එය එතරම්ම සරලයි,” ඔහු සිකුරාදා වාර්තාකරුවන්ට පැවසීය.

බීජිනය, පැසිෆික් සාගරය හරහා තම හමුදා බලය පුළුල් කිරීමට උත්සාහ කරන අතරතුර, එය ප්‍රශ්න කරමින් සිටින පසුබිමක මෙම සංචාරය ඕස්ට්‍රේලියාව සහ චීනය අතර සබඳතා ස්ථාවර කිරීමක් පෙන්නුම් කරන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් චීනයෙන් ඉල්ලා සිටියේ “මෙතරම් අසාමාන්‍ය මිලිටරි ගොඩනැගීමක්” අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි කරන ලෙසයි.

පෙබරවාරි මාසයේදී ටස්මන් මුහුදේ පැවති දුර්ලභ චීන හමුදා අභ්‍යාසයක් ද මාල්ස් විසින් “අසාමාන්‍ය” ලෙස හදුන්වා තිබුණා.

Share This