ට්‍රම්ප්ගේ නීතීඥයින් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවට

ට්‍රම්ප්ගේ නීතීඥයින් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවට

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයින් අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

2020 වසරේදී එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් නීතීඥයින් අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ට්‍රම්ප්ගේ නීතීඥ ජෝන් ලෝරෝ සහ ටොඩ් බ්ලැන්චේ වොෂින්ටන් අධිකරණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී නිලධාරීන් හමුවූ බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස මුලදී ප්‍රකාශ කර තිබුණේ මෙම නඩුව සම්බන්ධයෙන් තමාට අධිචෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවට නිලධාරීන් දැනුම් දී තිබු බවයි

කෙසේවෙතත් ක්‍රියාමාර්ග ගත හැක්කේ කවදාද යන්න පිළිබඳව ඔහුගේ නීතිඥයින්ට කිසිදු ඇඟවීමක් සිදු කර නොමැති බවද සඳහන්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඇට්ලන්ටා හි නඩු පවරන්නන්ගේ තීරණය ලබන මාසයේදී අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This