ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය Maryanne Trump Barry ජීවිතක්ෂයට

ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය Maryanne Trump Barry ජීවිතක්ෂයට

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වන Maryanne Trump Barry වයස අවුරුදු 86 දී මිය ගිය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Maryanne Trump Barry නිව් යෝර්ක් නගරයේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ

ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Maryanne Trump Barry 1983 සිට 2019 දී විශ්‍රාම යන තෙක් නිව් ජර්සි හි ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කළ බවයි සඳහන් කරන්නේ.

ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහෝදර සහෝදරියන් හතර දෙනාගෙන් අභාවප්‍රාප්ත වූ තුන්වැනියා බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This