ටී56 උණ්ඩ 20 ක් සමග මත්ද්‍රව්‍ය සැකකරුවන් 4 ක් රත්නපුරෙන් අල්ලයි

ටී56 උණ්ඩ 20 ක් සමග මත්ද්‍රව්‍ය සැකකරුවන් 4 ක් රත්නපුරෙන් අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය සහ ග්‍රෑම් 03 ක් සමග ටී 56 උන්ඩ 20 ක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පැල්මඩුල්ල, පාතකඩ ප්‍රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මීට අමතරව හෙරොයින් අයිස් සමග සැකකරුවන් තිදෙනකු ස්ථාන කීපයකදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350 ක් සමග පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණේ රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදීයි.

ලෙල්ලුපිටිය ප්‍රදේශයේදීම හෙරොයින් ග්‍රෑම් 10ක් සමග තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පොලීසිය පැවසුවේ අනෙක් සැකකරු ද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවෙක් වන අතර ඔහු ද ලෙල්ලුපිටියට ආසන්න ප්‍රදේශයකදී අත්අඩංගුවට ගත් බවයි.

Share This