ටෙස්ලා සමාගමෙන් මානවරූපී රොබෝවරු

ටෙස්ලා සමාගමෙන් මානවරූපී රොබෝවරු

විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම ලබන වසරේ සිට මානවරූපී රොබෝවරු නිෂ්පාදනය කිරීම හා ඒවා භාවිත කිරීම ආරම්භ කරන බව එම සමාගමේ හිමිකරු වන Elon Musk පවසනවා.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය ලබන වසරේදී සිදු කිරීමටත් ඒවා අළෙවි කිරීම 2026 වසරේදී සිදු කිරීමටත් සැළසුම් කර ඇති බවයි.

මානවරූපී රොබෝවරුන් යනු මිනිස් සිරුරෙහි හැඩයට අනුව නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍ර බව සඳහන්.

Elon Musk පළමුවෙන් පවසා ඇත්තේ ඔප්ටිමස් නමින් හැඳින්වෙන රොබෝ යන්ත්‍රයක් මෙම වසර අවසානයේ නිපදවා එළිදක්වන බවයි.

Share This