
ඩයනා ගමගේටත් වරෙන්තු නිකුත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම නිසා ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ආගමන හා විගමන පනත යටතේ ඇය චෝදනා ලබා සිටිනවා.
මේ අතර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණු බව වාර්තා වෙනවා.