
ඩේවිඩ් මිලර් අද ජැෆ්නා සමග එක්වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ ක්‍රීඩා කළ වටිනාම විදේශීය ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි ඩේවිඩ් මිලර් අද(01) දින Lyca’s Jaffna Kings කණ්ඩායම සමග එක් වීමට නියමිතව තිබෙනවා.
මිලර්, ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) තුළ Kings Xi Punjab කණ්ඩායම සමග වසර 8ක් ක්‍රීඩා කළ අතර 2016දී එම කණ්ඩායමේ නායකත්වයට ද පත් වුණා.
2022 වසරේදී IPL ශූරතාව දිනාගත් Gujarat Titans කණ්ඩායමේ සාමාජිකයෙකු ද වූ මිලර් එම වසරේදී 142.7ක ප්‍රහාරාත්මක වේගයක් සමග ලකුණු 481 ලබමින් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන වන මිලර් පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාතික ක්‍රීඩා පිටිය තුළ පෙරළිකාර ක්‍රීඩකයකු ලෙසයි හැඳින්වෙන්නේ.
පසුගිය වසර තුන තුළම LPL ශූරතාවය දිනාගත් Lyca’s Jaffna Kings කණ්ඩායම සහභාගි වන දඹුල්ල කණ්ඩායම සමග තරගයට මිලර් අද දින ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
