ඩොක්සුරි නිසා චීනයට රතු නිවේදන

ඩොක්සුරි නිසා චීනයට රතු නිවේදන

ඩොක්සුරි සුළි කුණාටුව අද (28) උදෑසන කාලයේ නැගෙනහිර චීනයට ළඟා වී තිබෙන අතර ඒ හේතුවෙන් රතු නිවේදන ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කුණාටුව පිලිපීනයේ සිට තායිවානය පසුකර යාමෙන් පසු වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං සහ තද වැසි ඇතිව තිබෙනවා

සුළගේ වේගය පැයට කිලෝමීටර් 175 දක්වා වාර්තා වූ අතර කුණාටුව එරට වේලාවෙන් පෙරවරු 10:00 ට පමණ ෆුජියන් පළාතේ වෙරළට ළඟා වූ බවයි වාර්තා වන්නේ

ඩොක්සුරි සුළි කුණාටුව තවදුරටත් වයඹ දෙසින් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සිකුරාදා සවස 2 සිට සෙනසුරාදා පස්වරු 2 දක්වා බලපැවැත්වෙන පරිදි රටේ පුළුල් ප්‍රදේශවල වැසි කුණාටු සඳහා අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා

අධික වර්ෂාපතනයෙන් ජලාපවහන පද්ධති සහ මාර්ගවලට බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් පූර්වාරක්ෂාව පිණිස පියවර ගන්නා ලෙසද බලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන්

ඩොක්සුරි බදාදා(26) උතුරු පිලිපීනයට ළඟා වීමෙන් පසු මරණ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති අතර ගලවා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුළු තවත් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ජාතික ආපදා ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා

Share This