ඩොක්සුරි සුළි කුණාටුව නිසා චීනයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමයි

ඩොක්සුරි සුළි කුණාටුව නිසා චීනයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමයි

ඩොක්සුරි (Doksuri) සුළි කුණාටුව හෙට (28) අලුයම චීනයේ ගිනිකොනදිග වෙරළ තීරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ පවසනවා

ඒ අනුව ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් චීනයේ පාසල් සහ ව්‍යාපාර වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

චීනයේ ජාතික නිරීක්ෂණාගාරය ඩොක්සුරි ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එය පැයට කිලෝමීටර් 180 වේගයෙන් හමා යනු ඇති බව සඳහන්

එමෙන්ම ඩොක්සුරි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Share This