ඩොලර් ලැබෙන කටු අනෝදා වගාව

ඩොලර් ලැබෙන කටු අනෝදා වගාව

වැල්ලවාය සහ අම්පාර යන ප්‍රදේශවල කටු අනෝදා වගාව සාර්ථක ලෙස සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එම අස්වැන්න මෙරටට විදේශ විනිමය ඉපයීමේ අරමුණින් අපනයනය කිරීම සඳහා අවශ්‍ය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ද මේ වන විට සැලසුම් සකස් කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙරට වගා කරන කටු අනෝදා සඳහා ඇමෙරිකාව, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතිනවා.

එම වෙළෙඳපොළ ඉළක්ක කර ගනිමිනුයි වැල්ලවාය, අලුත්වෙල හා රිදීමාලියද්ද යන ප්‍රදේශවල අක්කර 100ක සහ අම්පාර ප්‍රදේශයේ අක්කර 100ක වශයෙන් අක්කර 200ක කටු අනෝදා වගා කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

මෙම කටු අනෝදා වගාවේ එක් ගසකින් කිලෝග්‍රෑම් 50ක අස්වැන්නක් නෙලා ගැනීමට නියමිත අතර අක්කරයක වගාවකින් කිලෝග්‍රෑම් 2000ක් අස්වැන්නක් ලබා ගැනීම ඉලක්කයයි.

එමෙන්ම අක්කරයක කටු අනෝදා වගාවක් මගින් ගොවීන්ට රුපියල් ලක්ෂ 25ක ආදායමක් ලබා ගත හැකි බව ද සඳහන්.

මීට අමතරව කටු අනෝදා වගාව තුළ අතිරේක බෝග වගාවන් වශයෙන් රටකජු හා වෙනත් එළවළු වර්ග වගා කෙරෙන අතර එමගින් ද අමතර ආදායමක් ගොවීන්ට ලබා ගැනීමට හැකියාව පවතිනවා

Share This