තණමල්විල මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

තණමල්විල මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.

උඩවළව රක්ෂිතයේ තණමල්විල කොටසේ කිතුල්කොටේ අලුත්වැව ප්‍රදේශයේ දී මෙම මත්පැන් නිෂ්පාදනාගාරය වටලා තිබෙන බව සඳහන්.

වසර ගණනාවක සිට මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර එමගින් තණමල්විල ප්‍රදේශයට නීති විරෝධී මත්පැන් බෙදාදී ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

වැටලීම සිදු කල අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා,බැරල් සහ පෙරීම් උපකරණ ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බව සඳහන්.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Share This