තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුරව, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද (17) පස්වරු 01ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (18) පස්වරු 01 දක්වා වලංගුව බවයි

එමෙන්ම, ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Share This