තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා අනුරාධපුරයෙන් ගම්මාන පහක්
තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් තෝරාගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන මෙසේ තෝරාගෙන තිබෙන බව සඳහන්.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම ගම්මාන තෝරාගැනීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය ලබා දී ඇති බව සඳහන්.
ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ යටතේ රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා.
මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ ගම්මාන අවට ඇති සියලුම වැව්, අමුණු හා ඇළමාර්ග පද්ධති නවීකරණය කිරීමේ කටයුතුද සිදුකරන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබෙනවා.