තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත් වී තිබෙනවා.

එම ඉසව්ව මිනිත්තු 2 තත්පර 5.48ක කාලයකින් අවසන් කළ තරුෂි කරුණාරත්න එහි දෙවෙනි ස්ථානය ලබා ගත්තා.

ගයන්තිකා අබේරත්න එම ඉසව්වටම සහභාගී වෙමින් මිනිත්තු 2 තත්පර 07.17කින් අවසන් කරමින් තෙවන ස්ථානය ලබා ගත් අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර පිරිමි 400 x 4 සහය දිවීමේ ඉසව්ව මිනිත්තු 3 තත්පර 06.60ක කාලයකින් අවසන් කළ දිනුක දේශාන්, පබසර නිකූ , රජිත රාජකරුණා සහ පසිඳු කොඩිකාර යන ක්‍රීඩකයින්ගේ නියෝජත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් වී තිබෙනවා.

Share This