තවත් කොවිඩ් විකෘති ප්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක්-සෞඛ්‍ය අංශ කරන අනතුරු ඇඟවීම මෙන්න

තවත් කොවිඩ් විකෘති ප්‍රභේද මෙරටින් මතුවීමේ දැඩි අවදානමක්-සෞඛ්‍ය අංශ කරන අනතුරු ඇඟවීම මෙන්න

කොවිඩ්  පරීක්‍ෂණ  ධාරිතාව  අඩුවීම  සහ  නිවැරැදි  දත්ත  ලබා  ගැනීමට  ක්‍රියා  නොකිරීම  නිසා  ශ්‍රී  ලංකාවේ  කොවිඩ්  මරණ   අනුපාතය   ලෝකයට   සාපේක්‍ෂව   ඉහළ   අගයක්   වාර්තා  කරමින්  පසුවන  බව  රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ  සහකාර  ලේකම්  වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

1.5  ක්ව  පවතින  ලොව  කොවිඩ්  මරණ  අනුපාතය  ශ්‍රී  ලංකාවේදී  2.54  ක්  දක්වා  ඉහළ  අගයක්  වාර්තා  කිරීම ඉදිරියේදී ඒ පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් ලෙස සිතා කටයුතු  කිරීමට  සෞඛ්‍ය  අමාත්‍යාංශය  පියවර  ගත  යුතු  බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

පී.සී.ආර්.  ප්‍රමාණය  සහ  ක්‍ෂණික  ප්‍රතිදේහ  පරීක්‍ෂාව  (රැපිඩ්  ඇන්ටිජන්)  දෛනිකව  අඩු  අගයක්  ගැනීම  නිසා  ඔමික්‍රෝන්ට  එහා  ගිය  තවත්  කොවිඩ්  විකෘති  ප්‍රභේද  මෙරටින්   මතුවීමේ   දැඩි   අවදානමක්   පවතින   බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

බූස්ටර්  එන්නත් මාත්‍රාව ලබා ගැනීම මෙරට වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මඟහැර තිබෙනවා.

එමෙන්ම  එය ප්‍රවර්ධනයට සෞඛ්‍ය  අමාත්‍යාංශය  පියවර  නොගැනීමත් නිසා ඔමික්‍රෝන් ව්‍යාප්තිය දෛනිකව ඉහළ යමින් පැවතීම මෙරට  සෞඛ්‍යයට යළි දැඩි අවදානමක් මතු වීමේ සලකුණු පෙන්වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් පවසනවා.

Share This