
ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදාවේ 5 දෙනෙකු මරුට
කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්ථාන සටන්කාමීන් බවට සැකකෙරෙන පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පළ කෙරෙනවා.