තායිලන්තයේ පියෙකු සිය දරුවන් තිදෙනා ඝාතනය කරයි

තායිලන්තයේ පියෙකු සිය දරුවන් තිදෙනා ඝාතනය කරයි

දියණියක් සහ පුතුන් දෙදෙනෙකු ඝාතනය කළ පියෙකුට එරෙහිව තායිලන්ත පොලිසිය විසින් චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

සොන්සැක් සොන්ග්සීන්ග් (Songsak Songsaeng) නැමැති අදාළ පුද්ගලයා පෙර විවාහයේ ද දරුවන් දෙදෙනෙක්ව ඝාතනය කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

එමෙන්ම පසුගිය සතියේ දෙහැවිරිදි දැරියකගේ සිරුරක් මුළුතැන්ගෙයි වළ දමා තිබී සොයා ගැනීමත් සමඟයි ඔහුට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් දරුවන්ගේ හැඬිම දරා ගැනීමට නොහැකි බවත් තමාට මානසික ආබාධයක් ඇති බවත් ඔහු විසින් පවසා තිබෙනවා.

ඒ හේතුවෙන් දරුවන් ඔහු විසින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දරුවන්ගේ ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ හිටපු බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සිව්වරක් විවාහ වී ඇති බවයි තායිලන්ත පොලිසිය සඳහන් කළේ.

Share This