තායිලන්තයේ සිව් දෙනෙකු මරුට

තායිලන්තයේ සිව් දෙනෙකු මරුට

තායිලන්තයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

දින කිහිපයක සිට පතිත වන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක දරුණු ජල ගැලීම් සහ නාය යාම් තත්ත්වයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ආපදා තත්ත්වය නිසා නිවාස 14,328කට හානි සිදුව ඇති අතර පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This