තැපැල් ඡන්ද අයදුම්පත් විසිඑක්දාහක් ඉවතට

තැපැල් ඡන්ද අයදුම්පත් විසිඑක්දාහක් ඉවතට

මෙවර මහ මැතිවරණයට රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී ඇති බව සඳහන්.

මේ අනුව කොමිසම පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහක් බවයි වාරතා වන්නේ.

තවද තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇති බව සඳහන්.

ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 21 වනදා ආරම්භ කිරීමට නියමිත අතර අපේක්ෂකයින් සඳහා ගුවන් කාලය වෙන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22) සිදුකිරීමට නියමිතයි.

 

Share This