තැපැල් ඡන්ද පත්‍රිකා 26 වැනිදා තැපෑලට

තැපැල් ඡන්ද පත්‍රිකා 26 වැනිදා තැපෑලට

රාජ්‍ය සේවකයන් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන සඳුදා (26) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්දදායක සංඛ්‍යාව 712300ක් බව සඳහන්.

මෙහිදී තැපැල් ඡන්ද පත්‍රිකා ඒ ඒ ආයතනවලට නිකුත් කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 4, 5, 6, 11 සහ 12 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

Share This