තීරුබදු නොගෙවා මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අල්ලයි

තීරුබදු නොගෙවා මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අල්ලයි

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු වනවා.

ඔහු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Share This