තුර්කියේ ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ධ 113 ට වරෙන්තු

තුර්කියේ ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ධ 113 ට වරෙන්තු

පසුගිය හයවන සඳුදා දින සිදු වූ භූමිකම්පාවෙන් ප්‍රමිතියෙන් තොරවීම හේතුකොටගෙන කඩා වැටුණු ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීමට තුර්කියේ බලධාරීන් වරෙන්තු 113ක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

තුර්කි පොලිසිය දැනටමත් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, දකුණු තුර්කියේ නොසන්සුන්තාව හේතුවෙන් ඇතැම් ස්ථානවල මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

Share This