තුර්කියේ භූමිකම්පාවක්- 46කට තුවාල

තුර්කියේ භූමිකම්පාවක්- 46කට තුවාල

තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල්ට නැගෙනහිරින් කිලෝමීටර් 210ක් පමණ දුරින් පිහිටි Duzce නගරය ආසන්නයේ බටහිර තුර්කියේ ප්‍රදේශයක රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

භූමිකම්පාවෙන් ඇතිවූ කම්පන ඉස්තාන්බුල් සහ අන්කාරා අගනුවරට දැනෙන්නට තරම් ප්‍රබල වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

අවම වශයෙන් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට බලධාරීහු සඳහන් කරන්නේ

ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් මෙන්ම ඇතැම් නිවැසියන් බැල්කනිවලින් බිමට පැනීමේ අවස්ථා ද වාර්තා වී ඇති බවත් පළමු භූමිකම්පාවෙන් මිනිත්තු 20 කට පමණ පසු තවත් 4.7 ක කම්පනයක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු පවසා තිබෙන්නේ ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.

1999 වසරේදී රික්ටර් මාපක 7.2 ක ප්‍රබල භූමිකම්පාවකින් ඩස්ස් නගරයේ අවම වශයෙන් පුද්ගලයින් 845 ක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා

Share This