තුසිත හල්ලොලුව 6 යි 6 තෙක් යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව 6 යි 6 තෙක් යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරීමට නියෝග කර තිබෙනවා.

රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට ඔහුට චාදනා එල්ලවුණා.

එමෙන්ම තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබු බව වාර්තා වුනේ ඉකුත් මස 17 වැනිදායි.

පසුව එම පුද්ගලයින් තමන්ට පහරදී අත්‍යාවශ්‍ය ලිපි ගොනුවක්ද පැහැරගෙන ගිය බවයි ඔහු නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබුණේ.

ඒ අනුව අදාළ විමර්ශන නාරාහේන්පිට පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කළ අතර අවස්ථා දෙකකදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කළා.

එම වෙඩි තැබීමේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගනේමුල්ල සහ ගිරිඋල්ල ප්‍රදේශයන්හි පදිංචි 24 සහ 38 යන වයස්වල පසුවන පුද්ගල‍යින් වන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා.

Share This