දකුණු අප්‍රිකාවට තාප තරංග අනතුරු ඇඟවීමක්

දකුණු අප්‍රිකාවට තාප තරංග අනතුරු ඇඟවීමක්

දකුණු අප්‍රිකාවේ ප්‍රදේශ කිහිපයකට තාප තරංග අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

මේ සතියේ රටේ සමහර ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි යැයි අපේක්ෂා කෙරෙන බවයි දකුණු අප්‍රිකානු බලධාරීන් සඳහන් කර ඇත්තේ

නැගෙනහිර Cape, Mpumalanga, Limpopo, Gauteng සහ KwaZulu-Natal පළාත්හි ප්‍රදේශ වල තාප තරංග තත්ත්වයන් හේතුවෙන් අඛණ්ඩව ඉහළ උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවයි එරට කාලගුණ සේවය ප්‍රකාශ කළේ

එමෙන්ම අනෙකුත් ක්‍රියාමාර්ග අතර හිරු එළියට නිරාවරණය වීමෙන් හා ජලය පානය කිරීමෙන් ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

තාප තරංගයක් යනු වසරක කාලය සඳහා අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා උෂ්ණත්වය ඉහළ යන උණුසුම් කාලගුණ කාල පරිච්ඡේදයක් .

වැඩිහිටියන්, ළමුන් සහ සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලයින් ඇතුළුව අවදානමට ලක්විය හැකි අයට එය අනතුරුදායක විය හැකියි

ඒ අනුව තාප විඩාව, තාප ආඝාතය සහ විජලනය ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This