දකුණු කොරියා මුහුදේදී යාත්‍රාවක් අනතුරක

දකුණු කොරියා මුහුදේදී යාත්‍රාවක් අනතුරක

දකුණු කොරියාවේ ජෙජු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා.

එම යාත්‍රාව ගිලීයාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාත්‍රාව අනතුරට ලක්වූ අවස්ථාවේ සිටි 27 දෙනෙකුගෙන් 17 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී ඇති අතර අතුරුදන් වූ සෙසු පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ සඳහා නාවික හමුදා යාත්‍රා 3ක්, ගුවන් යානා 13ක් සහ කිමිඳුම්කරුවන් ඇතුළු යාත්‍රා 43ක් යොදවා ඇති බව සඳහන්.

අදාළ යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This