දකුණු කොරියානු සහ අමෙරිකානු ආරක්ෂක නිලධාරී හමුවෙන් පසු උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් එල්ල කරයි

දකුණු කොරියානු සහ අමෙරිකානු ආරක්ෂක නිලධාරී හමුවෙන් පසු උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් එල්ල කරයි

උතුරු කොරියාව පැය කිහිපයක් ඇතුළත සිය දෙවන මිසයිල දියත් කළ බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් බවටයි සැක පළ කර තිබෙන්නේ.

එය පැමිණෙන්නේ උතුරෙන් එල්ල වන න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා පසුගිය සතියේ දකුණු කොරියානු සහ එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් හමු වීමෙන් පසුවයි

ඊට ප්‍රතිචාර වශයෙන් Pyongyang පවසා තිබෙන්නේ එය වඩා ප්‍රහාරාත්මක ප්‍රතිප්‍රහාර ගන්නා බවත්ය

කෙසේවෙතත් ඉරිදා රාත්‍රියේ කෙටි දුර මිසයිලයක් දියත් කර ඇති අතර සඳුදා දිගු දුර මිසයිලයක් දියත් කර ඇති බවයි පැවසෙන්නේ

දකුණු කොරියානු සහ ජපාන නිලධාරීන් පවසා තිබෙන්නේ Pyongyang ප්‍රදේශයෙන් මිසයිලය දියත් කිරීම එරට දේශීය වේලාවෙන් 08:24 ට සිදුවූ බවට අනාවරණය වූ බවයි.

මෙම මිසයිලය මිනිත්තු 73ක කාලයක් ගමන් කර කිලෝමීටර් 1000ක් පමණ ආවරණය කරමින් හොකයිඩෝ නගරයට බටහිර දෙසින් වූ මුහුදට පතිත වී තිබෙනවා .

එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් පසුගිය මාසයේ Pyongyang විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කිරීමත් සමග උතුර සහ දකුණ අතර ආතතීන් ඇවිලී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි ගබඩාවට තවදුරටත් පිරිපහදු කර එකතු කරන විට, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය කලාපය ආරක්ෂා කිරීම වේගවත් කර ඇති බවද සඳහන්

 

Share This