
දකුණු කොරියාවට යන සියලු මාර්ග වසා දැමීමට උතුරු කොරියාව පියවර ගනියි
උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් කරන මාර්ග සහ දුම්රිය ප්‍රවේශ සියල්ල වසා දමා තිබෙනවා.
ඒ දෙරටවල් සම්පූර්ණයෙන් වෙන් කිරීම සඳහායි.
කොරියානු මහජන හමුදාව මෙම පියවර පිළිබඳ ප්‍රකාශ කරමින් සඳහන් කළේ යුද්ධය වැලැක්වීම සඳහා ස්වයං ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
එමෙන්ම එය ය දකුණු කොරියාවේ යුද අභ්‍යාසවලට සහ කලාපය තුළ අමෙරිකානු න්‍යෂ්ටික වත්කම් නිතර පැවතීමට ප්‍රතිචාරයක් ලෙසද සඳහන්.