දකුණු චීනයේ දැඩි ගංවතුර හේතුවෙන් කිඹුලන් 70කට වැඩි පිරිසක් නිදැල්ලේ

දකුණු චීනයේ දැඩි ගංවතුර හේතුවෙන් කිඹුලන් 70කට වැඩි පිරිසක් නිදැල්ලේ

දකුණු චීනයේ නගරයක ඇතිවූ දැඩි ගංවතුර හේතුවෙන් වාණිජ ගොවිපලකින් පැන ගිය කිඹුලන් 70 කට වැඩි පිරිසක් නැවත අල්ලා ගැනීමේ මෙහෙයුමක් බලධාරීන් විසින් දියත් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය ආයතන වාර්තා කරනවා

එමෙන්ම නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසද අනතුරු අඟවා තිබෙනවා

දකුණු පළාතේ Guangdong හි Maoming හි කිඹුල් ගොවිපලක ඇති වූ ගංවතුර හේතුවෙන් සතුන්ට පැන යාමට හැකිව ඇති බවයි පැවසෙන්නේ

හඳුනාගැනීමේ උපකරණ භාවිතයෙන් අතුරුදහන් වූ කිඹුලන් වටකර ගැනීම සඳහා හදිසි බලකායක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නමුත් පවතින ගංවතුර තත්ත්වය මත මෙම මෙහෙයුම සිදු කිරීම දැවැන්ත අභියෝගයක් වී ඇති අතර, ජනතාවට තම නිවෙස්වලින් පිටව නොයන ලෙසද බලධාරීන් දැනුම් දී තිබෙනවා

හදිසි ප්‍රහාරක බලකායේ සාමාජිකයෙක් Nanfeng Plus වෙත පැවසුවේ කිඹුලන් අල්ලා ගැනීමට වඩා ඔවුන් මරා දැමීමට සිදු විය හැකි බවයි.

පසුගිය සතියේ කලාපය හරහා හමා ගිය හයිකුයි සුළි කුණාටුවෙන් පසු දකුණු චීනය සහ හොංකොං දැඩි පීඩාවට පත්ව තිබෙනවා

Share This