
දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන
දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා
ඒ අනුව දණ්ඩ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දූෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමටයි අනුමැතිය හිමිව ඇත්තේ
එමෙන්ම නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය හිමිව තිබෙනවා
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ