දඹුල්ලෙන් නුවරට ලකුණු 148ක ඉලක්කයක්

දඹුල්ලෙන් නුවරට ලකුණු 148ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 147ක් ලබා ගත්තා.

ඒ අනුව B-Love Kandy කණ්ඩායමට තරගය ජය ගැනීමටනම් ලකුණු 148ක් ලබා ගත යුතුයි.

තරගයේ කාසියේ වාසිය හිමි වුණේ Dambulla Aura කණ්ඩායමට වන අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 147ක්.

එසේම මෙම තරගය SBC නාලිකාව හරහා නැරඹීමට හැකියාව පවතින අතර Tamil Fm නාලිකාව හරහා තරගයට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This